විසාල කරදරයක් වුන Film එක......කතුරු මිතුරු film Review

විසාල කරදරයක් වුන Film එක......කතුරු මිතුරු film Review

" සිකුරු හතේ " සිනමා පටය සමඟින් මීට වසර දොළහකට පෙර චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසි ගිරි රාජ කෞශල්‍යයගේ නවතම සිනමා අධ්‍යක්ෂණය කතුර මිතුරු 2023 මාර්තු 20 දිවයින පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය විය.



අප අතරින් සමුගත් ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න මෙම චිත්‍රපටය සඳහා රංගන දායකත්වය සපයා තිබූ අතර මහේන්ද්‍ර පෙරේරා, රොට්නි වර්ණකුල, යන්ත සෙනෙවිරත්න, මොරින් චාරුණි, ජයනි සේනානායක ඇතුළු රංගන ශිල්පීන් රාශියකගේ සහභාගිත්වයෙන් නිර්මාණය වී ඇත.මෙය බාසුරු සිරිවර්ධනගේ නිෂ්පාදනයකි. අද අපි Silver Screen Stories තුලින් කතුරු මිතුරු චිත්‍රපටය ගැන කියවමු. කතුරු  කොහොමද මිතුරු වෙන්නෙ කියන ප්‍රශ්නෙ චිත්‍රපටය බලපු නැති ඔයාලට නම් හිතෙනව ඇති.

මේ චිත්‍රපටයෙ ප්‍රධාන චරිත දෙක වෙන්නෙ විල්සන් සහ සැම්සන්.විල්සන් කියන්නෙ ටේලර් කෙනෙක්. සැම්සන් කියන්නෙ බාබර් කෙනෙක්. දෙන්නම තමන්ගේ බාබර් සාප්පුවයි ටේලර් සාප්පුවයි කරන් යන්නෙ එකම තැනක. කතුරු මිතුරු වෙන්නෙ අන්න එහෙම.

කතුරු මිතුරු චිත්‍රපටය මේ සැම්සන් සහ විල්සන් කියන අතිජාත මිත්‍රයො දෙන්න වටේ තමයි කැරකෙන්නෙ. අවුරුදු ගානක පරණ යාලුකම වගේම සම්ප්‍රදායික සිතුවිලි වලින් හිත පුරවගෙන ඉන්න එකම මේ දෙන්නගෙ මේ අතිජාත යාලු මිත්‍රකමට අත්තිවාරම දාල තියෙනවා.දෙදෙනාම තම රාජකාරිය කරනුයේ කතුරෙන්. ඔවුන් දෙදෙනා අතර ඇත්තේ “ කතුර ” මුලික කරගත් මිතරු කමකි. ඒ නිසා මෙම චිත්‍රපටය කතුරු මිතුරු වෙයි.

බාබර්ට දුවෙක් සහ ටේලර්ට පුතෙක් සිටි. දෙදෙනාම විශ්ව විද්‍යාල අධ්‍යාපන අවසන් කර ගමට පැමිණෙයි. ඔවුන් උගත් දේ අනුව ඔවුන්ට රැකියා අවස්ථා නැත. එහෙයින් ඔවුන් තමන්ගේ පියවරුන්ගේ රැකියාවට සම්බන්ධ විමට උත්සහ දරයි.

නමුත් මෙම පියවරුන් ඒ පිළිබඳව තමන්ගේ දැඩි අකමැත්ත සහ විරෝධය ප්‍රකාශ කරයි. ඔවුන්ගේ එකම අභිප්‍රාය වනුයේ තම දු දරුවන් පරිපාලන සේවයට සම්බන්ධ උසස් යැයි සැලකෙන රැකියාවක් කරනු දැකිමය.

එත් දරුවන් දෙමාපියන්ගේ සියළු බලාපොරොත්තු සුං කරමින් තම පියවරුන් කරන රැකියාවට සම්බන්ධ වෙයි. නමුත් ඔවුන් ඒ සඳහා වර්තමානයට ගැලපෙන නව මං සොයා යයි. දරුවන් ගමේ සිට නගරයට පැමිණ නවීන රූපලාවන්‍ය සහ ඇඳුම් නිර්මාණ කරනය පිළිබඳව හදාරා, ඒ පිළිබඳව අධ්‍යාපනයක් ලබා එම කේෂත්‍රයේ ඉහලට පැමිණෙයි. ජාත්‍යන්තර සම්මානයෙන් පවා ඔවුන් පිදුම් ලබයි.

සම්ප්‍රදායික ටේලර් සාප්පුවට සහ බාබර් සාප්පුවට පැමිණෙන ගනුදෙනුකරුවන් සමග පවත්වන සම්බන්ධතාවයන් හාස්‍ය මතු කරවන ආකාරයේ ඒවා බැවින් මෙම චිත්‍රපටය හාස්‍යයෝත්පාදක චිත්‍රපටයක් ලෙසම නම් කල හැකිය.

ඉතාම සුන්දර ගම්මානයක රූගත කරල තියෙන මේ චිත්‍රපටය පුරාම ලස්සන දර්ශන දකින්න ලැබෙන එකනම් නෙතට රසඳුනක් කියල කියන්න මම කැමතියි.

ඒ වගේම තමයි කාලයක් පුරාවට වේදිකා නාට්‍ය ලෝකය හොල්ලගෙන හිටපු නලුවන් හතර දෙනෙකු වන ජයලත් මනෝරත්නයන්, මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුල සහ ප්‍රියන්ත සෙනෙවිරත්න ගැන කතා නොකරම බෑ.

හිතල හිනාවෙන්න ඕන චිත්‍රපට දහසක් අතරෙ ඉබේම හිනායන, හරිම අපූරු විහිලු තියෙන දෙබස් අරගෙන එන්න ගිරිරාජ් කෞෂ්‍යලයට පුලුවන් වීම ඉතින් සිකුරු හතේ, සුහද කොකා ප්‍රේක්ෂකයන්ට නම් අරුමයක් නෙවෙයි.

මේ චිත්‍රපටයේ මම ඉතාම ආසාවෙන් බලපු සිංදුවක් තිබුණා.

ඒ තමයි නාට්‍ය සහ නාඩගම් සම්ප්‍රදායට අනුව නිර්මාණය කරල තිබුණා “කෝ හතුරෝ ගීතය”

ඒ ගීතයට හේතුවන කාරණාව සහ අවස්තාව තමයි මේ චිත්‍රපටය ඇතුලෙ පරම්පරා දෙකක ඝට්ටනයන් ගැන කියල දෙන පළමු අවස්තාව වෙන්නේ.

විශ්ව විද්‍යාලෙ ගිහින් උපාධි ගත්තට රස්සාවල් හම්බවෙන්නෙ නෑ කියන ක්‍රිශාන්ත සහ ක්‍රිශාන්ති, තමන්ගෙ මව් දෙමව්පියන්ගෙ ඉල්ලනව “තාත්තල කරන රස්සාවම කරන්න අපිට ඉඩ දෙන්න” කියල. 

ඒත් “මෙච්චර මහන්සි වෙලා උඹලව විශ්ව විද්‍යාලෙ යැව්වෙ බාබර් කෙනෙකුයි ටේලර් කෙනෙකුයි කරන්නද?” කියල අහන විල්සන් සහ සැම්සන් කියන්නෙ අපේ කාලයේ තාත්තල දෙන්නෙක්. ඉතින් ඒ තාත්තල දෙන්නවම අපි මොනතරම් අඳුරනවද? අපේ තාත්තල අපිට මේ කතාවම කියල තියෙනව නේද කියන මතකය චිත්‍රපටය අතරතුරේ හිතට එන එක “විසාල කරදරයක් වුනා නේ” කියල මටත් හිතුණා.

ඉතින් ගොඩක් හිනාවෙන්න වගේම, ගොඩක් දේවල් ඉගෙන ගන්න කතුරු මිතුරු චිත්‍රපටය අනිවාර්‍යෙන්ම බලන්න කියල හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා. වගේම Silver Screen Stories වෙත එක්වී මේ කියවූ ඔබ මේ පිළිබඳ අදහස් දැක්වීමට අමතක නොකරන්න.



Comments

Post a Comment

Popular posts from this blog

තිගේ හැඩ නිරුවත ගැටී ඉවරයි මා නෙත Film Review - සිංහබාහු චිත්‍රපටය

සුළඟ මෙන් නිදහසේ ඇවිදින මිනිසෙකුගේ අපූරු කතාව Film Review - Charlie චාලි

මේ ඔබේ ආදර කතාව වෙන්න පුළුවන් Film Review _ ප්‍රේමලු (Premalu)