විසාල කරදරයක් වුන Film එක......කතුරු මිතුරු film Review
විසාල කරදරයක් වුන Film එක......කතුරු මිතුරු film Review " සිකුරු හතේ " සිනමා පටය සමඟින් මීට වසර දොළහකට පෙර චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසි ගිරි රාජ කෞශල්‍යයගේ නවතම සිනමා අධ්‍යක්ෂණය කතුර මිතුරු 2023 මාර්තු 20 දිවයින පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය විය. අප අතරින් සමුගත් ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න මෙම චිත්‍රපටය සඳහා රංගන දායකත්වය සපයා තිබූ අතර මහේන්ද්‍ර පෙරේරා, රොට්නි වර්ණකුල, යන්ත සෙනෙවිරත්න, මොරින් චාරුණි, ජයනි සේනානායක ඇතුළු රංගන ශිල්පීන් රාශියකගේ සහභාගිත්වයෙන් නිර්මාණය වී ඇත.මෙය බාසුරු සිරිවර්ධනගේ නිෂ්පාදනයකි. අද අපි Silver Screen Stories තුලින් කතුරු මිතුරු චිත්‍රපටය ගැන කියවමු. කතුරු කොහොමද මිතුරු වෙන්නෙ කියන ප්‍රශ්නෙ චිත්‍රපටය බලපු නැති ඔයාලට නම් හිතෙනව ඇති. මේ චිත්‍රපටයෙ ප්‍රධාන චරිත දෙක වෙන්නෙ විල්සන් සහ සැම්සන්.විල්සන් කියන්නෙ ටේලර් කෙනෙක්. සැම්සන් කියන්නෙ බාබර් කෙනෙක්. දෙන්නම තමන්ගේ බාබර් සාප්පුවයි ටේලර් සාප්පුවයි කරන් යන්නෙ එකම තැනක. කතුරු මිතුරු වෙන්නෙ අන්න එහෙම. කතුරු මිතුරු චිත්‍රපටය මේ සැම්සන් සහ විල්සන් කියන අතිජාත මිත්‍රයො දෙන්න වටේ තමයි කැරකෙන්නෙ. අවුරුදු ගානක ...